ඇහැක් වගේ බලාගන්න බැරිනම් බැරි නම් කවදාවත් කෙල්ලෙක්ට ආදරේ කරන්න එපා..
මම කෙල්ලෙක්ට ආදරය කළා හැබැයි මට එයාව බලාගන්න බැරි වුණා..ඒ ඇයට ආදරේ නොකළ නිසා නෙමෙයි මගේ උවමනාවක් නැතිකම නිසා..
ඇය මට කතා කළත් පුළුවන් තරම් ඉක්මනින් ඒ කතා ඉවර කරලා මං ෆෝන් එක තිබ්බා...හැබැයි ඇයට මං ආදරෙයි නොකළා කියන්න නම් බැහැ..
කෑවද ,බිව්වද ,ආවද, ගියාද, මොකද කරන්නේ හැම තත්පරයේම ඇය මං ගැන හොයලා බැලුවා.එත් හැම වෙලාවකම දෙන්න පුළුවන් කෙටිම පිළිතුර දීලා මම නිහඬ වෙනවා..
ඇයව මග ඇරලා ඉන්න හේතුව වුණේ වෙන කෙල්ලෙක්වත් වෙන ආදරයක්වත් නෙවේ.. මගේ කාර්ය බහුල කම.. ඒත් ඒහෙමම කියන්න බෑ.. මට ඕනේ මගේ පාඩුව ඉන්න...ඒ නිසාම එයා ගැන හොයන එක අඩු වුනා..නිවාඩු වෙලාවට කලෙත් ගේම් ගහපු එක හරි FB, vedio බලපු එක හරි... ඇය හොඳින්ද ඇය අසනීපෙන්ද කියලා වගේ වගක් මට තිබුණෙ නැහැ.
ඇය කැම්පස් ගියා..ඇය ජීවත් වුණේ බෝඩිං කාමරයක....දවසක් රෑ මැසේජ් එකක් එවලා තිබුණා හැබැයි ඒ මැසේජ් එක මම දැක්කේ පැය එකහමාරකට විතර පස්සෙ
"මට ටිකක් සනීප මදි වගේ ඔයා මොකද කරන්නේ" කියල..පැය එක හමාරකට පස්සෙ මැසේජ් එක දැක්කත් මට එකේ ඒ හැටි ගානක් වුණේ නැහැ .. එතනින් එහාට එයාගෙන් කිසිම සද්දයක් නැති නිසා මම ආයෙත් ඒ ගැන හොයන්න ගියෙත් නැහැ ...ෆේස්බුක්, වට්ස්ඇප් මේ කියන හැම මඟුලක ම වගේ මමත් ඉන්නවා හැබැයි එකකින්වත් එයාට කලින් මම මැසේජ් එකක් දාලා නැහැ...එයා දැම්මට පස්සෙ තමා මන් දාන්නෙ..සමහර වෙලාවට රිප්ලයි කරන්න ඕනෙ නෑ කියල හිතුනහම සීන් කරල නිකන් ඉන්නව නැත්තම් නොදැක්ක වගේ ඉන්නවා.
ඇය අසනීපයෙන් කිව්ව දවසෙ මහ රෑ එකට විතර ඇය මට මැසෙන්ජර් වලින් මැසේජ් එකක් දාලා තිබුණා ..ඒ දාලා තිබුණේ "ඔයා තාම නිදි නැද්ද කියලා" ඒ වෙලාවට නිකමට මතක් උනා ඇය අසනීපෙන් ඉන්නේ කියනවා ...මට මතක් වුණේ ඒ වෙලාවේ තමයි ඒ ඇයි කියලා අහන්න...
" මම යාළුවෙක් එක්ක ගිහින් බෙහෙත් අරගෙන ආවා මට හොඳටම උණ"
අන්න ඒ වෙලාවේ මට පොඩි දුකක් ඇති වුනා එයා ගැන ..ඇයි මට ඒක කලින් එයාගෙන් අහන්න හිතුනෙ නැත්තෙ කියලා ..
ගොඩක් වෙලාවට ඇය මැසේජ් දහයක් පහලවක් එක දිගට එවුවාට පස්සේ ඒ ඔක්කොම එකතු කරලා තමයි මම එයාට රිප්ලයි කරන්න්නනේ..ගොඩක් වෙලාවට වචනය යවන්නෙත් නැහැ එක්කෝ emoji එකක් නැත්නම් ස්ටිකර් එකක් තමයි මං යවන්නෙ..
[ ] සමහර දවස් වලට මේ හේතුව නිසා එයා මාත් එක්ක රණ්ඩු කරලා තියෙනවා..හැබැයි ටික කාලයක් යද්දි එයා ඒකට හුරු උනා..සමහර දවස් වල මට බැනලා තියෙනවා "මගේ යාලුවොන්ට ඉන්න කොල්ලෝ කොච්චර හොඳට හොයලා බලනවද ඇයි ඔයාට එහෙම ඉන්න බැරි කියලා " කියලා ඒත් මට ඒ කිසිම දේකට උවමනාවක් තිබුනෙ නෑ ..
නිවාඩුවක් ලැබුනත්,
ගේම් එකක් ප්ලේ නොකරත් ගොඩක් වෙලාවට මම youtube එකේ videos බලනවා දවසම ෆෝන් එකේ හිටියත් එයාට මැසේජ් කරන්න එයාට කෝල් කරන්න මම දවසින් වෙන්කරලා තිබුනේ හරිම පුංචි කාලයක්..
හිතන්න ඒ ඉවසීම කොච්චරක් වෙන්න ඇතිද කියලා ...
සමහර දවස් වලට අඬලා තියෙනවා...සමහර දවස් වලට රණ්ඩු වෙලා තියෙනවා ..සමහර දවස් වලට මුකුත්ම නොකියා හැමදේම දරාගෙන ඉඳලා තියෙනවා ...මුල් කාලේ වැඩිපුරම ඇඩුවා රණ්ඩු කරා ...හැබැයි පස්සේ කාලෙ වෙද්දි මොකුත්ම නොකියා හැමදේම ඉවසගෙන හිටියා...මං හිතනවා ඒ හැමදේම එයා එහෙම කළේ මාව එපා වෙලා නම් නෙමෙයි ..ඒ මට තියෙන ආදරේ නිසාමයි කියලා...එයාට මාව ඕනෙ වුනත් එයා හිතන්න ඇති කවද හරි දවසක බැන්දත් මේ ටිකමනේ කියලා..එදාටත් එයාට තනියම ජීවත් වෙන්න වෙයි කියල හිතන්න ඇති..
එදා හැදුන උන එයාට ආයෙත් කවදාවත් හොඳ වුණේ නැහැ ...වෙනදා උදේම කෝල් කරන එයා පහුවදා උදේ මට කෝල් කරේ නැහැ... උදේ අටට විතර මම කෝල් එකක් අරගෙන බැලුවා ..ආන්සර් කලේ එයාගේ යාළුවෙක්.. "අයියේ එයාව අද උදේ හොස්පිට්ල් එකේ නැවැත්තුවා " කියලා එයාගෙ යාළුවා කිව්වා ..
"හරි නංගි මං දවල් වෙලා කෝල් එකක් ගන්නම්" කියලා මම ෆෝන් එක කට් කරා
හැබැයි දෙතුන්පාරක්ම කෝල් කරත් මට ඇයට කතා කරන්න අවස්ථාවක් වුණේ නැහැ..එයාව බලන්න යන්න හොඳටම පුළුවන්කම තිබිලත් මම රෝහලට ගියේ එයා ඉස්පිරිතාලෙ නවත්තලා හතරවෙනි දවසේ ..එතකොට එයා හිටියේ සාමාන්‍ය වාට්ටුවක නෙමෙයි ICU එකේ..
ලෙඩ්ඩු බලන්න ආපු වෙලාවේ එයාගේ අම්මා තාත්තා යාලුවෝ ගොඩක් ඇවිල්ල හිටියා...මට මහ අමුතු ලැජ්ජාවකුත් ඒ වෙලාවේ හිතුණා ..මට මෙච්චර ආදරේ කර කෙල්ලව බලන්න ඇයි මම මෙච්චර පරක්කු උනේ කියලා ..එදා තමයි මං දැනගත්තේ එයාට හැදිලා තිබුනේ සාමාන්‍ය උණක්වත් ඔලුවෙ කැක්කුමක් වත් නෙමෙයි කියලා
මහ රෑ එළි වෙනකන් වමනේ දාලා පාන්දර ම තමයි ඉස්පිරිතාලෙට ගිහිල්ලා තියෙන්නෙ..එන්න එන්නම ඔලුවෙ කැක්කුම වැඩිවෙලා තියෙනවා ..එයාගෙ ළඟම හිටපු කෙනෙක් වත් එයාට අඳුර ගන්න බැරි තරමට ම සිහිය විකල් වෙලා තියෙනවා ...පස්සෙ තමයි දැනගත්තෙ ඇයගේ මොලේ නහරයක් පුපුරලා කියලා ..
ICU දවස් 4 ක් හිටියා..ඩොක්ටර්ස්ලා කිව්ව විදිහට machine ගලවලා අයින් කරොත් එයාගේ ජීවිතේ බේර ගන්නත් බැහැ කියලා කිව්වා... මට ඒ වෙලාවේ හිතුණා මේ දහජරා පෝන් එක කුඩුපට්ටම් කරලා දාන්න ඒ වෙලාවේ දැනුණු දුකට ඒ කම්පනයට මම තාමත් බයයි ..අනේ දෙයියනේ ඒ මැරෙන්න පණ අදින්නේ මගේ කෙල්ල නේද කියලා මට හිතුණා ..
හරියටම දවස් හතරකින් එයා මේ ලෝකෙන් මාව දාලා යන්නම ගියා..එක වචනයක් වත් කතා නොකරම..
මට දැන් හිතෙනවා එදා එයා එවපු මැසේජ් එක කියවලා ඒ වෙලාවෙමවත් එයාට බෙහෙත් ටිකක් අරන් දෙන්න යන්න පුලුවන් උනා නම් සමහරවිට අදටත් ඇය ජීවත් වේවි කියලා..
ඔය විදිහට එවපු මැසේජ් මිස් කරපු වාර අනන්තයි ..ගිරවෙක් වගේ හැමදේම කියවගෙන කියවගෙන යන පුරුද්දක් ඇයට තිබුණා ...ඇය එවපු මැසේජ් ආයෙ ආයෙ කියවල බැලුවහම ඇය මොන තරම් අහිංසක ද කියලා හිතෙනවා... ඇය මොන තරම් ආදරණීයයි ද කියලා හිතෙනවා.. ඒත් mobile game,fb අස්සේ යූටියුබ් එකේ ම ජීවත් වුණු මම ඒ කිසි දෙයක් ඒ දවස්වල දැකලා තිබුණෙ නැහැ ...
ඇගේ මරණය මගේ මුළු ජීවිතේම හෙල්ලුවා මාව සිය දහස් වරක් නොමරා මැරුවා...මේ පසුතැවීම ආත්ම හතකට වත් නැති වෙයි කියලා මට හිතන්න බැහැ ..
එයාගෙ මුලු ලෝකයම වෙලා හිටියෙ මම.. ඒත් මමත් එයාට සැලකුවේ මේ විවදිහට...මම එයාව ගනන්ගත්තෙ නැති තරම්...නිවාඩුවක් ලැබුනහම මම එයාව හමුවෙන්න ගියෙත් මගේ වුවමනාවට නෙවේ..ඒකත් එයා කියපු නිසා..ඒකත් පැයක් හෝ දෙකකට සීමා වුනා... ආදරේ කරන වෙන අය මුලු දවසක්ම ආදරෙන් කියව කියව, තමන්ගෙ කොල්ල ලග හුරතල් වෙවී ඉද්දි මගෙ කෙල්ලට ඒ වාසනාව දන්නවත් මට වුවමනා වුනේ නෑ...අඩු තරමේ මම එයාගෙ අතින් අල්ලන්වත් වුවමනාවක් තිබුනේ නෑ..එයා ආසා වුනේ මගේ අතේ එල්ලිලා ඇවිදින්න..හමුවුනු වෙලේ ඉදල මම යන වෙලාව හැදුවා..මේ වේලාවට යම් අර වෙලාවට යමු කියල...කවදාවත් තව ටිකක් වේලා ඉමු කියල නෑ..එයා තව ටිකක් වෙලා කතා කර කර ඉමු කිවුවත් මම අනේ බෑ කිවුව විතරයි..පවු මගෙ කෙල්ලට කොච්චර දුකක් දැනෙන්න ඇතිද..හැමදාම කියන්නෙ එයාට මාව දකින්න ඕනෙ කියලා..එයා ඒක අනන්තවත් කියල ඇති..ඒත් මම යාලුවුනු මුල් දවස් ටිකේ කිව්වට පස්සේ මට එයාව දකින ඕනෙ කමක් තිබුනෙ නෑ.. අඩුම තරමෙ එයාට මාව බලන්න ඕනෙ කියද්දි මටත් ඔයාව දකින්න ඕනෙ කියල කවදාවත් කිව්වෙ නෑ...ඒ මගෙ ලොකුකම නිසා..මම හිතුවේ එහෙම කිව්වොත් ඒක බාල්දු වීමක් කියල..පවු මගේ කෙල්ල කොච්චර ආසාවේන් ඉන්න ඇත්ද 'මට ඔයාව දකින්න ඕනේ මැණික' කියන එක මගෙන් අහගන්න..මම ආදරේ කරන්න දන්නෙ නැති කෙනෙක් වෙන්න ඇති...නැත්තම් කොහොමද එයාව ,එයාගෙ ආදරේ ගනන් නොගෙන ඉන්න තරම් නපුරු වුනේ..
මේ වෙනකොට එයා නැතිවෙලා අවුරුදු දෙකහමාරක් ..මට ආයෙත් පෙම්වතියක් ඉන්නවා ..හැබැයි ඇය තරම් මට එයාව දැනෙන්නෙ නැහැ ..මේ ලෝකේ ජීවත් වෙන ලස්සනම ගෑනි මගේ ලගින් ගෙනල්ලා තිබ්බත් මට මගේ මියගිය පෙම්වතිය අමතක කරන්න බැහැ .ඇය තරම් මට ආදරේ කළ කෙනෙක් මේ ලෝකෙ කොහේවත් නැහැ...හැමදාම මම හිතන්නේ එහෙමයි...මේ වරද මට හදාගන්න තැනක් කොහෙවත් නැහැ ..හැබැයි මගේ දැන් පෙම්වතිය හුස්මක් ගානේ පරිස්සං කරනවා..ඒ මං අරයට වඩා මෙයාට ආදරේ කරන නිසා නෙමෙයි ඇයට කළ වරද ඒ පසුතැවීම මගේ ජීවිතය මකාගන්න
අපි කෙනෙක්ට ආදරය කරනවා නම් ..අපි ඒ කෙනා වෙනුවෙන් කැප වෙන්න ඕන ..අපි කාලය පරිත්‍යාග කරන්න ඕන..රැකවරණය දෙන්න ඕන ..නැතුව කෙල්ලෙක් ඉන්න ඕන පලියට කෙල්ලෙක් සෙට් කරගෙන ඒකිට එකේ පාඩුවේ ඉන්න දීලා අපි අපේ පාඩුවේ ඉන්න ගියොතින් ඒක ඒ කෙල්ලට කරන ලොකු අසාධාරණයක්...ඕන තරම් ගේම් ගහපල්ලා ඕන තරම් youtube videos බලපල්ලා ඕන තරම් ෆේස්බුක් පලයල්ලා හැබැයි හැම හුස්ම ගානේම උඹ ගැන හිතන එකියක් උඹ ගැන නැහෙන එකියක් ඉන්නවා කියන එක මතක තියා ගනින් ...වරදක් වුණොත් ඒ වරද හදාගන්න එක ලේසි නෑ ..ඒ වගේම තමයි ඒ වරද අමතක කරන්න බැහැ..ජීවිත කාලෙම විඳව විඳව ජීවත් වෙන්න අවස්ථාවන් හදා ගන්න එපා ..හැමදේම කරපන් ඒකිට එක දීලා..ඒක උඹේ පිරිමිකමට ලැජ්ජාවක් කියලා හිතන්න එපා..ඒක තමයි නියම මහත්මා ගතිය .
අපි නොහිතන තැන්වලින් කෙල්ලොගෙ ජීවිතවල පසුතැවීම ඇතිවෙනවා .ඒවා තනියම කළමනාකරණය කරගන්න පුලුවන් කෙල්ලො ඉන්නවා හැබැයි හැමෝටම ඒ දේවල් කරගන්න බැහැ...අම්මා තාත්තටවත් නොකියන රහස් කෙල්ලො කොල්ලොන්ට කියන්නේ ඒකයි ...ඒවාට ඇහුම්කන් දෙන්න වෙලාවක් හදාගන්න බැරි උනොතින් ඇත්තටම ආදරෙන් පරාද වෙනවා ජීවිතේම පසුතැවෙන්න වෙනවා ...
උඹ යවන ඉමෝජි එකකින් ස්ටිකර් එකකින් ඒකිගේ ආදරේ බාල්දු කරන්න එපා බං... ආදරෙන් එක වචනයක් ටයිප් කළත් ගෑණුන්ට ඒ ඇති සැනසෙන්න...
එදා මට මේ ටික කරගන්න පුලුවන් වුණා නම් සමහර විට ඇය තවමත් ජීවත් වෙනවා ...අඩුම නොමැරී ඇයව මට බේරගන්න තිබුණා..හොයලා බලපන් හැම තත්පරේම උඹ ඒකිගේ ළගිනම ඉන්නවා කියන එක දැනෙන්න ඇරපන්..ඒ වගේම ඒකිට ආදරෙන් සලකපං
ගෑණුන්ට පුළුවන් බං හැමදේම තේරුම් ගන්න ඇති තරම් ගේම් ගහපං හැබැයි ඒකිටත් ටිකක් හරි ඇහුම්කන් දීපන් ...අඩුම අසනීපයක් වූනු වෙලාවට හැමදේම අමතක කරලා දාලා ඒකි ගැන හොයලා බලපන් ..ඒකයි බං මං කිව්වේ පරිස්සං කරන්න බැරිනම් ආදරේ කරන්න එපා කියලා බලාගන්න බැරිනම් ආදරේ කරන්න එපා කියලා
උඹලට ජය
රිදවු ආදරයක වියෝවේ ගිණිසිළු
Reviewed by Lakshan Malan
on
November 24, 2020
Rating:
Reviewed by Lakshan Malan
on
November 24, 2020
Rating:

No comments: